\n
\n
හැඩතලය එනකොටම කොස් ගහක් තමයි එන්නේ. මෙතන ඔබ බොහොම සිහි නුවණින් දකින්න ඕනේ. හැබැයි කොස් ගහ ඇත්ත කරගන්නේ නැහැ. කොස් ගහ තමයි එන්නේ. හැබැයි වෙනදට ඔබ රැවටිලා, බාහිරෙන් කියලයි ගන්නේ. බාහිරින් සැප දුක් හොයනවා, විදිනවා. කොස් ගහ ඇත්ත වෙලා. කලින් කපුටාගේ සිත ඉපදුන වෙලාවේ, සෝත වික්ඤාන සිතක් ඉපදුන වෙලාවේ, ඒ සද්දේ එනකොටම කපුටා එනවා. කපුටෙක්ගේ සඤ්ඤාව එනවා. නැහැ නෙමෙයි. වේගයක් තුල ඒක එනවා. එතනම ඔබ මුලින් පුහුණු වෙන්න ඕනේ. ඔබ ප්‍රායෝගික වෙන්න ඕනේ. ඔබ පුහුණු වෙන්න ඕනේ. අනුසෝතය තුල මෙච්චර කාලයක් සිද්ද වුනු දේ මේ මොහොතේ නොවෙනව කියන්න බැහැනේ. වෙනවා. නමුත් ඔබ බාහිර සද්දේ දැන්, සෝත වික්ඤාන සිත එනකොටම ඒකෙ සත්‍ය දකින්න ඕනේ. මේකයි ප්‍රතිපදාව ඔබ පුහුණු වෙනවයි කියන්නේ.
\n
දැන් ප්‍රතිපදාවේ පලවෙනි අදියර ඔබ ගාව තියෙනවා කියල අපි හිතනවා. ඒ කියන්නේ සිත පේන්න ඕනේ. සිතට සිතුවිලි එනවා යනවා පේන්න ඕනේ. ඒකට සමතය ඉතාම වැදගත්. ඔබට මේ සිතක් ඉපදුනා නැතිවුනා කියල මනා කොට සිහි නුවණ තියෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම. දැන් සිතක් ඉපදුනා නැතිවුනා. දැන් මට මෙවැනි සිතක් ඉපදුනා. දැන් මට වර්ණ සිතක් (චක්ඛු වික්ඤාන සිතක්) ඉපදුනා. දැන් මට ශබ්ද සිතක් (සෝත වික්ඤාන සිතක්) ඉපදුනා. දැන් මට ගන්ධ සිතක් (ඝාන වික්ඤාන සිතක්) ඉපදුනා. ජිව්හා වික්ඤාන සිතක් ඉපදුනා. පොට්ටබ්බ වික්ඤාන සිතක් ඉපදුනා. මනෝ වික්ඤාන සිතක් ඉපදුනා. සිතුවිල්ලක් ආවා. අතීතයේ කාරනාවක් මතක් වුනා. අනාගත සිතක් ඉපදුනා. මට මනෝ වික්ඤාන සිතක් ඉපදුනා. ඔබට පැහැදිලි කරන්න ඕනේ නිසා අපි කියන්නේ මේ චක්ඛු වික්ඤාන සිතක්, සෝත වික්ඤාන සිතක්, ඝාන වික්ඤාන සිතක්, ජිව්හා වික්ඤාන සිතක් කියල. ශබ්ධයක් එනවා කියන්නේ නවත්තන්න බැහැනේ. කන් දෙක වහගෙන නෙමේනේ ඉන්නේ. එහෙනම් ශබ්ධේ එනවා. ශබ්ධ සිතක් ඇතිවුනා නැතිවුනා. එච්චරයි. හොදට සතිය පිහිටවනවා කියන්නේ ඒකට. සිත ඇතිවෙනවා නැතිවෙනවා කියන එකට. ඔබ සිත් පරම්පරාව දකිනවා කියන එකට. කපුටෙක් කියන සඤ්ඤාව එනවා. පෙර මතකය එනවා. මේ අතීත සඤ්ඤානේ. ඒවා එනවා. ශබ්ද සිතක් එනවා. දැන් ඒකෙ එන්නෙම කපුටෙක්ගේ සද්දයක්. ඒත් එක්කම ඔබ හිතට ඇත්ත පෙන්නන්න. බාහිර එහෙම නැහැ. කපුටෙක් කියන්නේ හිතින් හදාගත්ත සම්මුති නාමයක්. ඒක බාහිර දෙයක් නෙමෙයි කියන එක පෙන්නන්න. සිහිය පෙන්නන්න. අමාරුවෙන් හරි පෙන්නන්න සත්‍ය. සත්‍යම විතරයි වැදගත්.
\n
කපුටෙක් කියල තමයි එන්නේ සංඤ්ඤාව. ශබ්ධ වික්ඤාන සිත එනකොටම කපුටෙක් කියල තමයි එන්නේ. එනකොටම ඔබ පෙන්නන්න. මුලින් ඔබ ප්‍රමාදයි. මුලින් අරමුණ එනවා. අරමුණ යනවා. ඊට පස්සේ ඔබට මතක් වෙනවා. ප්‍රජානාති කියන එකට එනවා. නෑ ඒ මගේ හිත කියලා. ඒත් කමක් නැහැ. කාලය එන්න එන්න අඩු වෙයි. මුලින් ඔබ, ඔබ ඉන්න තැනින් පටන් ගන්න. සත්‍යම දකින්න උත්සාහ කරන්න. දැන් ඔබ මේ පැත්ත බලන කොට එක සිතක් නේ උපදින්නේ.  ඒ පැත්ත බලන කොට ඔබට අහස පේනවා. මේ පැත්ත බලන කොට ඔබට ගෙයක් පේනවා. බෙල්ල හරවන කොට ඔබට එක එක ඒවා පේනවා. ඒ පේනවා කියන්නේ ඒ සිත් ඉපදෙනවා. සිත් ඉපදී නිරුද්ධ වෙනවා. එත් එක්කම ඒ සේරම ඔබේම සිත බව දකින්න. මේ පෙර සඤ්ඤානේ. මේ මම දන්නා ඒවනේ. අහස කියන්නේ මම දන්න සඤ්ඤාවක්. අහස කිව්වේ නැහැ අහස කියල. දැන් මේ ගඟ ගලනවා වගේ මේ දැන් සිත් පරම්පරාව යනවා. අහස, ගෙයක්, පොල් ගහක්, පොලව, දැන් මේ බෙල්ල කරකවන කොට වටේ මේ සිත් පරම්පරාව යනවා. ඒවා වර්ණ සිත්. චක්ඛු වික්ඤාන සිත්. ඒ එක්කම ඔබට එන්නේ අරමුණු. ඒ අරමුණු නේ ගලන්නේ. සිත කියන්නේ අරමුණනේ. ඒ අරමුණු තමයි ගලන්නේ. ඒ සඤ්ඤා තමයි ගලන්නේ. ඒකට ඇත්ත පෙන්නන්න. මේ මගේ සිතම කියල පෙන්නන්න ඔබ. ඒක බාහිර නැති බව එතනම එතනම පෙන්නන්න. ඒක පුරුදු වෙන්න. හැම එකම හිත කියල දකින්න පුරුදු වෙන්න. කමක් නැහැ සතියක් ගියත්. කමක් නැහැ මාසයක් ගියත්. මුලින් ඔබ ඉන්න තැන ගැන හිතන්න. ඔබ ඉන්නේ දැන් කොහොමත් රැවටිලානේ. කොහොමත් බාහිරට යනවනේ කඩාගෙන මේ හිත. ඒක නවත්තගන්න බැහැනේ. දැන් එනකොටම එන්නේ කෙලින්ම නමක්නේ එන්නේ. හොඳට බලන්න නමක් නෙමේද කියල එන්නේ. සද්දයක් ආවහම ඔය කපුටෙක්. එහෙම නැත්තන් මේ ගහක අත්තක්. එහෙම නැත්තන් ඒ මනුස්සයෙක්. අර බල්ලෙක් කෑ ගහනවා. අර කුරුල්ලෙක් කෑ ගහනවා. මෙතන රොබෝ කෙනෙක් වගේ ඔබ හැසිරෙන්නේ. ඔබේ නිවන් මගට දැන් ඔබ පුහුණු වෙනවනේ. දැන් ඔබට ධර්ම දැනුම තියෙනවනේ. දැන් දන්නවනේ අත්තක් නෙමෙයි කියල. මේක මායාවක් කියල. දැන් ඔබ මේකේ ඇත්ත පෙන්නන්න ඕනෙනේ හිතට. පුරුදු වෙන්න ඕනේ එහෙනම්. එහෙනම් ප්‍රතිපදාවට එන්න ඕනේ.
\n
එහෙනම් ඔබ දන්නවා දැන් දුක්ඛ සත්‍යට හේතුව සමුදය සත්‍ය. දන්නවා දෙයක් කියල ගත්ත ගමන්මයි දුක. ඊට පස්සේ ඔබ දන්නවා ඒකට විසදුම නම් සත්‍ය දකින එකයි. ඒකයි මාර්ග සත්‍ය. දැන් මාර්ග සත්‍ය තුල ඔබ මාර්ගය තුල එනවා. දැන් ඔබ මේ ධර්මය දන්න කෙනා දැනගත්ත කෙනා, ඒ කියන්නේ දර්ශන ඤාණය තියෙන කෙනා. දර්ශන ඥානය තුල ඔබ සත්‍යට දැන් ඇවිල්ල ඉවරයි. ඔබ දැන් බාහිර බොරුවක් කියන එක දකිනවා. ඒක ඔබගේ දැන් මුලින් අසා දැනගත්ත දැනුමක්. දැන් ඔබ ඒක ප්‍රායෝගික වෙන්නයි කටයුතු කරන්නේ. ඒකට ප්‍රතිපදාව ඕනේ. එහෙම නම් ඔබ දැන් හිත දකින්න ඕනේ. හිත දකින එක රවට්ටන්න එපා. තමන්ටම තමන් අවංක වෙන්න. මේ එනවා. යනවා. එනවා. යනවා. ඔබ ඔබේ හිතෙන් මිදෙන්න ඕනේ. ඒක ඔබේම සිත. කාටවත් මේක හංගන්න බැහැ. තමන්ට තමන්ට හංගන්න බැහැනේ. තමන් දන්නවා හොදටම මම රැවටුනා කියල. ඔබ දන්නවා මේ සිතට මම රැවටුනා කියල. ඒක කමක් නැහැ. ඒ සිහිය ආපු මොහොත දකින්න. සිහිය මෙතන ඉතාම වැදගත්. ඔබට පුලුවන්නම් අපි මේ කියන විදිහට කටයුතු කරන්න. ඔබ දියුණුවක් ලබන්න අවශ්‍යයිනේ. ඔබට අවශ්‍යයිනේ මේ ප්‍රතිපදාව පුහුණු වෙන්න. ඔබට දැන් ධර්ම දැනුම තියෙනවනේ. ඔබ දන්නවා දැන් බාහිර ඇත්තක් නෙමෙයි කියල, ඔබ දන්නවා මේ සිතේමයි හැදෙන්නේ කියල. ඔබ දන්නවා සිතත් සත්‍යක් නෙමෙයි කියල. දැන් ඔබට ඕනේ පුහුණු වෙන්න. ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ මායාව තුල තව දුරටත් ඔබ රැවටෙන්න කැමති නැති කෙනෙක්. ධර්ම මාර්ගයට ප්‍රවේශ වුනු කෙනෙක්. එතනට ඔබ දැන් ඇවිල්ල ඉන්නේ. එහෙමනම් තවදුරටත් ඔබ දැන් මේ අසා දැනගත්ත ධර්මය ඉදිරියට ඔබ ප්‍රතිපදාව පුහුණු විය යුතුමයි. එහෙම නැත්තන් වෙන්නේ හැමදාම බන අහනවා විතරයි. කවදාවත් ඔබ දියුණුවක් ලබන්නේ නැහැ. ඔබ මාර්ගයට එන්න ඕනේ. මාධ්‍යට පැමිණෙන්න ඕනේ. මාධ්‍ය හදුනාගන්න ඕනේ.
\n
ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ පොතක තියෙන එකක් නෙමෙයි. මේ එන අරමුණු වලටනේ කොහොමත් අපි රැවටෙන්නේ. ඒ අරමුණමනේ සිත කියන්නේ. එතනමනේ අපිට සැප දුක හදන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ දුකෙන් මිදෙන මගක්නේ. එහෙමනම් ඒ දුක හටගත්තේ මේ අරමුණනේ, සිතනේ, සිතෙන් රැවටිච්ච නිසානේ. දැන් ඇත්ත පෙන්නන්න. දැන් ඔබ එන එන සිත, ඔබටම ආවේනික ගමනක් ඔබ යන්න ඕනේ. දැන් ඔබ චන්දය, කැමැත්ත තියෙන කෙනා. මේ සිතෙන් මිදෙන්න නිවන් මගට ප්‍රවේශ වුනු කෙනා. එහෙනම් ඔබ දැන් සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් ගමන යනවා. මේ ඇතිවෙන සිතුවිලි දැකල සිහිය පිහිටුවුන මොහොතේම ඒවගේ සත්‍ය දැකල පෙන්න පෙන්න යනවා. සත්‍ය දැකල පෙන්නුවා කියන්නේ ඒක උපාදාන වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත. ඒ සත්‍ය දකින එක තියෙනවනේ, ඒක එක දවසින් ඔබට වෙන්නේ නැහැනේ, එක දවසින් ඔබට ඒ සතිය පිහිටන්නේ නැහැනේ. එක දවසින් ඔබට ඒ අනිමිත්ත සමාධිය පිහිටන්නේ නැහැනේ. ඔබ රැවටෙන්න එපා. මේක මනසිකාරයක් නෙමේ. මේක තවත් සිතුවිලි හදන වෙලාවක් නෙමෙයි. මේක හොදට විසදගන්න මොකද්ද වෙන්නේ කියන එක. අපි දැන් හරියටම මේකට බැහැල කතා කරමු. දැන් සද්දෙනේ අපට එන්නේ. කපුටෙක්. අපට නාමයක්නේ එන්නේ. හැම එකේම නාමේ තමයි එන්නේ. මේක ගෙදර. ඔබ කැමති ඕනෙම අරමුණක්. මේ එන අරමුණම දකින්න. මොකක් හරි ඔබට හිතෙන දේම දකින්න. දැන් මම යන්න ඕනේ. මූන හෝදන්න ඕනේ. දැන් සිතක් ඒත් එනවා. අන්න ඒකට සිහිය පිහිටන්න. එන එන සිත යනවා එනවා, ඒකට සිහිය පිහිටන්න. එතන තමයි ඔබගේ මූලික base එක. ඔබට පේන්න ඕනේ හිත. හිත පේනවද කියල බලන්න. ඔබටම ඔබ අවංක වෙන්න. කාටවත් මේක කියන එකක් නෙමෙයිනේ. මේක සාන්දිට්ටික ධර්මයක්නේ. තමන්ගේම දියුණුව තමන්මනේ හදාගන්නේ. තමන්ම තමන්ගේ මිදීම කරන එකක්නේ. මේක පච්චුප්පන්න ධර්මයක්නේ. එතනමනේ හටගෙන නැතිවෙන එක දකින්නේ. මේ සිතින්මනේ දකින්නේ. තම හිස මත තම අතමය සෙවනැල්ල කිව්වා වගේ, ඔබ ඔබේම සිත දකින්න. පුරුදු වෙන්න. දැන් ඔබගේ පුහුණුව උඩයි, ඔබගේ දියුණුව රදා පවතින්නේ. දැන් ඔබ මාර්ගයට එනවා. දැන් ඔබ බාහිරින් මිදෙන්න ඕනේ. එහෙනම් මේ හිතට ඔබ පෙන්නන්න ඕනේ. දැන් පලවෙනි අදියර තමයි ඔබ සිහිය පිහිටවන්න ඕනේ.
\n
දැන් ඔබ රැකියාවක් කරනවා. දැන් ඔබ යම්කිසි කටයුත්තක නියැලෙනවා. ඔබ දැන් එළවලු කපනවා. ඔබ දැන් අතුගානවා. ඔබ දැන් රෙදි හෝදනවා. ඔබ දැන් රෙදි වනනවා. මොකද්ද ඔබ කරන්නේ දැන්. ඔබ දැන් තේ වක්කරනවා. මොකද්ද ඔබ කරන්න. ඔබ දැන් ඇදුම් අදිනවා. මොකද්ද ඔබ කරන්නේ. ඔය කරන දේම සිහිය පිහිටන්න. සිහියයි, නුවණයි, සිතුවිලියි දිහා බලන්න. පුරුදු කරන්න. අවදි කරන්න ඥානය. සිහියයි නුවණයි අවදි කරනවා කියන්නේ ඥානය අවදි වෙන්නේ ඔතනින්මයි. දැන් ඔබට පෙන්න ඕනේ. මේ පේන දේ වෙන දේ දැනෙන්න ඕනේ. ඒක ඔබට දැනෙනවා කියන්නේ සිහිය අවදි වෙනවා කියන එකයි. දැන් ඔබට විවේකයක් තියෙනවා. දැන් ඔබ මොහොතකට ඔබගේ හුස්ම දිහා සිහිය පිහිටන්න. එක තැනකට හිත තියාගන්න, පුළුවන් හැම මොහොතේම.
\n
දැන් අපි කරපු දේ අපි ඔබට කියනවා. අපි හැම මොහොතේම ආශ්වාස ප්‍රාශ්වාසයට හිත තියාගෙන හිටියා. ඒක දීර්ග කාලයක්, අපි මේ ධර්මයේ දර්ශනයට අවබෝධයට කලිනුත්, අපි මේ නොදන්න කාලෙත් අපි කලේ ආශ්වාස ප්‍රාශ්වාස ආනාපානාසති භාවනාව. දීර්ග කාලයක් තිස්සේ කළා. නොදැනත් කළා. ඒක දන්න කාලේ ඉදන්, පොඩි කාලේ ඉදන් කළා. ඒක කවුරුත් කියල නෙමෙයි. ඒක අපේම ඇතුලාන්තයෙන් ආපු ඒවත් එක්කලයි ඒක සිද්ද වුනේ. ඒක තුල හැම මොහොතේම අපේ හුස්මත් එක්ක තමයි අපේ සිහිය පිහිටුවේ. ආශ්වාස ප්‍රාශ්වාසයට අපි හිත යොමුකරගෙන හිටියා. දීර්ග කාලයක් ඒක තියෙනවා. ඒකෙම ප්‍රතිපලයක් තමයි අවසානයේ අපට මේ මාර්ගයේ ප්‍රත්‍යක්ෂතාවයට එන්න හේතු වුනේ. අපි හැම තිස්සෙම අභ්‍යන්තරයට focus කරනවා. ඒක automatically සිද්ධ වෙනවා. අපිට නිතරම හිත පේනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අමුතුවෙන් හිතනවා නෙමෙයි. අපිට පේන්නේ එලිය නෙමෙයි. අපිට පේන්නේ හිත. සතියට බල ගැන්විලා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙනවනේ. එතනට පත්වෙලා. මගපල ඔලුවේ තියාගෙන නෙමෙයි මේ ගමන යන්නේ. මේක තමන්ගේම අභ්‍යන්තරයේ තියෙන පිරිසුදු භාවයෙන් යන ගමනක්. ඔබ එතනට එන්න ඕනේ. හිත දකින්න. සිහිය පිහිටන්න පුළුවන් වෙලාවට. අඩුගානේ නිකන් විවේකීව ඉන්න වෙලාවට, වාඩිවෙලා හරි ඉන්නවනේ කොහේ හරි, අලවෙලා හරි ඉන්නවා කියල හිතන්න, ඔබ ඉන්න මොන ඉරියව්වේ හරි, ඒ විවේක මොහොතේ හිත විසිරෙනවනේ. ඔබට පේනවනේ සිත විසිරෙනවා කියල. එහෙට මෙහෙට යනවා කියල. එක තැනක තියාගන්න. විසිරෙන එක හැම තිස්සෙම අඩු කරගන්න. පුලුවන්නම් ආශ්වාස ප්‍රාශ්වාසයට හිත තියාගන්න. අපි එතන තමයි නිතරම හිත තියාගෙන හිටියේ මුල් කාලයේ. එකයි අපි කිව්වේ, සතිය තමයි අපේ ගෙදර කියල. එහෙම දේශනයක් දාල තියෙනවා. අපි ගෙදර ඉන්නවා කියල හිටියේ සතියේ. සතිය කියන්නේ සිහිය. හිත විසිරෙන්නේ නැහැ පිට යන්නේ නැහැ. අපි ඉන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයට සිහිය පිහිටවාගෙන. එහෙම නැත්තන් අපි ඉන්න ඉරියව්වට හිත තියාගෙන. එහෙම නැත්තන් අපි යමක්ද කරන්නේ එතනට සිහියයි. ඒ කියන්නේ නිරායාසයෙන්ම හැම දෙයක්ම සිහියෙන් කරනවා කියන එකයි.
\n
ඔබට දැන් කරන්න පුළුවන් දේ වෙන්නේ, බාහිරට යොමු වුනු සිහිය, සිහිය දැන් බාහිරට යොමු වෙලා තියෙන්නේ. විසිරෙනවා කියන්නේ ඒකයි. දැන් ඔබ බාහිර ඇත්ත කරගෙන ඉන්නේ. දැන් මේක අනිත් පැත්තට හරවනවා. ටෝර්ච් එක එලියට ගහන්නේ නැතුව තමන්ගේ පැත්තට ගහනව වගේ. ඔබ සිහිය පවත්වන්න ඕනේ ඔබේ සිතට. ඔබට ඔබේ එන එන සිත පේන්න ඕනේ. හොදට පේන්න ඕනේ. ඒ අනුව තමයි ඔබගේ දියුණුව තියෙන්නේ. මේ අපි කතා කරන්නේ මූලිකම අදියර.
\n
අපි දැන් මල් පූජා කරනවා. අපි ආමිස පූජාවන් කරනවා. අපි දාන දෙනවා. අපි පින් දහම් කරනවා. අපි එකක්වත් නවත්තන්න ඕනේ නැහැ. ඒ ගුණ ධර්ම නැති කරගන්න එපා. එතන එතන සිතක් ඇති වෙනවා නැති වෙනවා දකින්න. ක්‍රියාව කියන එකට ඇලෙන්න ගැටෙන්න යන්න එපා. කොයි ක්‍රියාවක් වුනත් ඒක ක්‍රියාවක් විතරයි. ඒකට ඇලුනත් වැඩක් නැහැ. ගැටුනත් වැඩක් නැහැ. මල් පූජා කරන්න ඒ වෙලාවේ බැරි වුනා කියල කම්පා වෙනවා නම්, හදුනා ගන්න ඒ සිත එතන උපාදාන වෙලා. ඒ කියන්නේ ඒක ඔබට අත් ඇරගන්න බැහැනේ. ඔබ දෘෂ්ටියකට කොටු වෙලා. මල් පූජා කරන එකත් දෘෂ්ටියකට එනවා. ඔබට ඒක අත් හැරගන්න බැහැ . ඒක වෙලාවට කරන්න බැරිවුනා කියල දුකක් ඇතිවෙනවා. එතනත් උපාදාන වුන තැන, දුක තියෙන්නේ. මේ බන යම්කිසි විදිහකින් අහන්න බැරි වුනා. එතන කේන්ති යනවා. උපාදාන වුන නිසයි, එහෙම වෙන්නේ. ඒ සිත දකින්න. ඒ සිතෙන් මිදෙන්න ඕනේ. ඒ සිත ඇතිවෙලා නැතිවෙනවා. මම මේක අහන්නම ඕනේ කියන දෘෂ්ටිය, අන්න එතන ඔබ ඉන්නවා. ඔබ කියන කෙනාගෙන් නිදහස් වෙන්නයි මේ යන්නේ. කෙනෙක් නැහැ මෙතන.
\n
33.20
","timeToRead":8,"frontmatter":{"title":"","date":null,"spoiler":null},"fields":{"slug":"/dhamma/buddhothpado/නිවන් මග ප්‍රායෝගික පුහුණුව/","langKey":"en"}}},"pageContext":{"slug":"/dhamma/buddhothpado/නිවන් මග ප්‍රායෝගික පුහුණුව/","previous":{"fields":{"slug":"/dhamma/buddhothpado/සත්‍ය ධර්මය/","langKey":"en","directoryName":"සත්‍ය ධර්මය","maybeAbsoluteLinks":[]},"frontmatter":{"title":""}},"next":{"fields":{"slug":"/mac-os/system/","langKey":"en","directoryName":"system","maybeAbsoluteLinks":[]},"frontmatter":{"title":"Mac OS System"}},"translations":[],"translatedLinks":[]}}}